Skip to main content

ශ්‍රී පාදස්ථානය

 


ලෝක වාසී ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ස්ථානයක් වන ශ්‍රී පාදස්ථාන්ය. ශ්‍රීලංකාවේ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. සිරිපා අඩවිය හෙක්ටයාර 22380 පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වනදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා සෑම වසරකම බොහෝදෙනෙක් පැමිණෙයි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මාර්ගයෙන් කිහිපයක් ඇත එනම් මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය සබරගමුව පලාබත්ගල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය ෙම මාර්ගය හරහා ශ්‍රී පාද වන්දනා සමයේ දේශීය ජනතාව මෙන්ම විදේශීය ජනතාවද වැඩි වශයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යොමු වෙයි
.සිරිපා වන්දනාවේ යෙදෙන ජනයා කෝඩුකාරයා,නඩේ ගුරා,සැහැල්ලුව(ආම්පන්න දමා ගත් මල්ල),ඉර සේවය (ඉර උදාව ),සංහිදේ වැනි වචන භාවිත කරයි.

ශ්‍රී පාදය වන්දනාකරන ගාථාව

යන්නම්මදාය නදියා පුලිනේචතීරේ

යං සච්ච බද්ධ  ගිරකෙසුමනාචලග්ගේ 

යංතත්ත යෝනකපුරේ මුන්නෝච පාදං 

තං පාද  ලාඤඡන මහං සිරසානමාමි


ශ්‍රී පාද ස්ථානයට යන ප්‍රධාන මාර්ගයත්


1. හැටන් නල්ලතන්නිය

2. රත්නපුර පලාබත්ගල

3. කුරුවිට එරත්න

මීට අමතර තවත් මාර්ග ඇත.


ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට යන විට විවිධ මාර්ග හරහා ගමන් කරයි. එවිට විවිධ වූ උදාහරණයක් ලෙස මකර තොරණ  සාම චෛත්‍යය ඉදිකටුපාන වැනි ස්ථාන බොහොමයක්  දැකගත හැක


කීර්ති ශ්‍රී රාජසිංහ රාජ මහා විහාරය


සිරිපා ගමන් මගේදී රත්නපුර ගමන් මගදී පලාබත්ගල කීර්ති ශී රාජසිංහ මහා විහාරය මුලින්ම හමුවේ බොහෝදෙනා මේ විහාරය වැඳ පුදා ගැනීමට අමතක නොකරති සිරිපා වාරය අවසන් වූ පසු සිරිපා වැදීමට අවස්ථාව නොලැබෙන නිසා කීර්ති ශී රාජසිංහ රජතුමා මෙහි තඹ තහඩුව මල් වලින් අලංකෘතව සිරිපා සටහනක් මෙම විහාරයේ පිහිටුවා සිරිපතුලට දක්වන පුද පූජා කිරීමට කටයුතු කර ඇත


ලිහිණිහෙල


රත්නපුර ගමන් මගේ ඊළඟට ලිහිණිහෙල හමුවේ සමනලගිරි පහළම ප්‍රදේශයේ ඉතා තද බෑවුම් සහිත ප්‍රදේශ යයි අතීතයේ ලිහිණි අක්කා ඇගේ දරුවා ද සමඟ හෙළට වැටී මියගිය නිසා මෙතන ලිහිණිහෙල වූ බවට මතයක් පවතියි. 


දියබෙත්ම


දියබෙත්ම පැරණි නැවතුම්පොළක් වන අම්බලමක් මෙහි පිහිටා ඇත මෙය ගජමන් නෝනා සිරිපාදය වන්දනා කොට පසුව ඇය විසින් කරවූ අම්බලමක් යැයි කියනු ලැබේ ඇතැම් විට ගජමන් නෝනා ගිමන්හල තැන පිහිටි අම්බලම යයි කියති එබැවින් නෝනාගේ අම්බලම වී ඇත 


සීත ගගුල


සීතගගුල සිරිපා වන්දනාවේ යෙදෙන අය පළමුව පිරුවට ඇඳ ගනිති කවුරුත් දියනාන මෙහි දිය මාර්ගය ඉතා සීතලය.


ඉදිකටුපාන


ඉඳිකටුපාන බුදු හිමියන් වහන්සේ සමනළ කන්දට වැඩම කරන අවස්ථාවේ දී සිවුර ඉරී ගිය බැවින් එක් තැනක නැවතී එය නැවත මසා සකස් කරගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ ඉදිකටුපාන යැයි හඳුන්වන්නේ මෙතන වන්දනාවේ යෙදෙන අය ඉදිකටු නූල්බෝල රැගෙන විත් ඒවා මෙහි අත්තක පටලවා නූල් බෝලය අවසන්වනතුරු අදී


ධර්මරාජගල


ධර්මරාජ ගල අතීතයෙන් මෙතන ධර්මරාජ නැමැති තාපසයා  වැඩ සිට ඇත එම නිසා ධර්මරාජගල ඇයි ව්‍යවහාර වෙයි මෙතන ගල් පියගැට 100 කට අධික ප්‍රමාණයක් දක්නට ලැබේ ගල් පඩි ධර්මරාජ තාපසයාගේ ඉල්ලීමට අනුව වන පෙරුමාල් ආරච්චි විසින් කරවන ලද බව මෙහි ඇති සෙල් ලිපියක දැක්වේ ධර්මරාජ තාපසතුමා බුදුබව ප්‍රාර්ථනා කරමින් මෙම ගල් පඩි  කැප වූ බව සෙල්ලිපියේ සඳහන් වේ


හැරමිටිපාන


හැරමිටිපානේ ළඟ සිට ඉහලට තරණය කිරීමට අපහසු කොටසක් තිබී ඇත පැරණි ජනතාව තමන්ගෙන් ගමන  සාර්ථක වුවහොත් මෙතැනට හැරමිටි පූජා කරන බවට බාර වූහ කඳු මුදුනට නැගීමට මෙතැන්සිට හැරමිටි භාවිතා කර ඇති අතර බසිද්දී එය ගොඩගසා ඇත


මහගිරිදඹය


ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමේ දී අපට හමුවන දැඩි ප්‍රපාතාකාර කොටස මහගිරිදඹ යයි මෙම කොටසේ ගල්පඩි කප්පවා ඇත්තේ මහා ඇලෙක්සැන්ඩර් රජු බවටද මතයක් ඇත මහගිරි දඹේ පසු වූ පසු මහ මළුවට පිවිසීමට හැක


ඇහැල කණුව


අතීතයේ මෙතන ඇහැල ලීයෙන් තැනූ කණුවක් තිබී ඇත මෙතන වන්දනාකරුවෝ සුදු පිරුවට යෙන් සැරසෙයි  අදත් මෙතන සිලින්ඩරාකාර කණුවක් ඇත පැරණි චාරිත්‍ර සිහිපත් කිරීමක් වශයෙන් වන්දනාකරුවෝ මෙහි අද හුනු තවරයි


මහ මළුව  


ඇහැළ කණුව ට පසු හමුවන්නේ අහස්ගව්ව යි මෙය සිරිපාද කන්ද තරණය කරන අවසාන කොටසයි එතැනින් පසු මහමඩුව හමුවේ ශ්‍රී පාද පද්මය පිහිටුවා ඇත්තේ මෙතනය ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන ඉර සේවයද බලා ගැනීමට වන්දනාකරුවෝ  අමතක නොකරති




Comments

Popular posts from this blog

සාගර පලන්සූරිය මහතා (කේයස් ) ලියූ කාව්‍ය කෘති

  1.          කණ උන්දෑ 2.        ධීවරී ගීතය 3.        මා උපන් ගම 4.        උතුරෙන් 5.        ජනයා 6.        පිටිසර සිරියාව 7.        කාළකන්නියා 8.        මල් හාමි 9.        කැලෑ දරුවා 10.    පැමිණීම 11.    සිංහල ජාතිය 12.    අනාගත මරණය 13.    සුදෝ සුදු

පැස්කල් පාඩම

පැස්කල් 1 කොටස    පැස්කල් ආරම්භයට මුලින්ම Turbo pascal download කරගත යුතුය. ඒ සදහා පහත link එක භාවිතා කරන්න https://techapple.net/2014/04/turbo-pascal-7-windows-7-windows-8-8-132bit-64bit-fullscreen-single-installer/ ඉන්පසු එය විවෘත කර පහත කේත  ලියා දක්වන්න program Helloworld; begin          write('Hello World!') end. මෙවැනි කේතයක්  ඔබට ද සකසා ගත හැක. එම කේතය ධාවනය කිරීමට පහත ඡායාරූප අධ්‍යනය කරන්න. Thisath Ranasinghe Science fun056 http://sciencefun056.website2.me/