Micro Master Foundation
ලෝක වාසී ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ස්ථානයක් වන ශ්‍රී පාදස්ථාන්ය. ශ්‍රීලංකාවේ රත්නපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇත. සිරිපා අඩවිය හෙක්ටයාර 22380 පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වනදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා සෑම වසරකම බොහෝදෙනෙක් පැමිණෙයි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මාර්ගයෙන් කිහිපයක් ඇත එනම් මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය සබරගමුව පලාබත්ගල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය ෙම මාර්ගය හරහා ශ්‍රී පාද වන්දනා සමයේ දේශීය ජනතාව මෙන්ම විදේශීය ජනතාවද වැඩි වශයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යොමු වෙයි . සිරිපා වන්දනාවේ යෙදෙන ජනයා කෝඩුකාරයා,නඩේ ගුරා,සැහැල්ලුව(ආම්පන්න දමා ගත් මල්ල),ඉර සේවය (ඉර උදාව ),සංහිදේ වැනි වචන භාවිත කරයි. ශ්‍රී පාදය වන්දනාකරන ගාථාව යන්නම්මදාය නදියා පුලිනේචතීරේ යං සච්ච බද්ධ ගිරකෙසුමනාචලග්ගේ යංතත්ත යෝනකපුරේ මුන්නෝච පාදං තං පාද ලාඤඡන මහං සිරසානමාමි ශ්‍රී පාද ස්ථානයට යන ප්‍රධාන මාර්ගයත් 1. හැටන් නල්ලතන්නිය 2. රත්නපුර පලාබත්ගල 3. කුරුවිට එරත්න මීට අමතර තවත් මාර්ග ඇත....
Comments
Post a Comment